මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි

Share Button

ශ්‍රිී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපතිවරයෙකු වු මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි. ඔහු ඉකුත් කාලයේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. 2001-2004 වකවානුවේ ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභ රූපාවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වු ඔහු පසුව ස්වාධීන රූපවාහිනියේ ද සභාපතිවරයා ලෙස ක්‍රියා කළේය. අනතුරුව ඉකුත් රජය සමයේ ඔහු ජපානයේ තානාපතිවරයා විය. මිය යන විට ඒ මහතා හැට දෙහැවිරිදි වියේ පසු විය. දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *