කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට සහන සැලසිමේ වැඩපිළීවෙල කඩිනම් කෙරේ

Share Button

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට සහන සැලසිමේ වැඩපිළීවෙල කඩිනම් කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙයි. ඉදිරි සති කිහිපය තුළ ඊට අදාල ගෙවීම් හා සෙසු කටයුතු අවසන් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙයි. සිය අමාත්‍ය ධුරයේ රාජකාරී ඇරඹිමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසිය. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වු සංචාරක මාර්ගෝපදේශකයන්ට රුපියල් විසිදහසක් හා සංචාරක රියැදුරන්ට රුපියල් පහළොස් දහසක දීමනාවක් ලබාදිමට රජය තීරණය කර තිබුණි. මැතිවරණ කාලසීමාවේදී මැතිවරණ කොමසාරිස්වරයා අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කළේ එම මුදල රුපියල් දසදහසකට සීමා කරන ලෙසයි. එහෙත් එම සීමා මේ වනවිට බලාත්මක නොවන නිසා නිසිපරිදි අදාල දීමනාව ලබාදිමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ගුවන් සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය ඇමති ඩී. වී. චානක මහතාද එහිදී වැඩ භාර ගත්තේය. ඉන් අනතුරුව කැබිනට් අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වුහ. එහිදි ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේ කටුනායක ගුවන් තොටුපල කඩිනමින් සංචාරකයන් සදහා විවෘත කිරිමට අපේක්ෂා කරන බවයි. එහිදි අදහස් දැක් වු රාජ්‍ය ඇමති ඩී. වී .~ චානක මහතා ශ්‍රි ලංකාව කොරෝනා මර්දනයෙන් පලමු තැනට පත්ව ඇති බවත් සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රය යලි නංවාලිමට කටයුතු කරන බවත් කීවේය.

සංචාරක කර්මාන්තයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ මග පෙන්විම යටතේ නිපුනතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය ආධාර සපයයි .~ මෙම වැඩසටහන ආරම්භ කිරිම ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *