අගමැතිවරයා අනුරාධපුර ජයශ්‍රීමහා බෝසමිඳුන් රුවන්මැලි සෑ රදුන් ඇතුඵ සිද්ධස්ථාන වැඳ ආශිර්වාද ලබා ගනී

Share Button

අභිනව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයශ්‍රීමහා බෝසමිඳුන් . රුවන්මැලි සෑ රදුන් ඇතුඵ සිද්ධස්ථාන වැඳ ආශිර්වාද ලබා ගනී. අද පෙරවරුවේ ජයශ්‍රීමහා බෝ සමිඳුන් වැද ආශිර්වාද ලබා ගත් අගමැතිවරයා අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ බැහැදුටුවේය. එහිදී අනුශාසනාවක් කළ උතුරු මධ්‍යම දෙදිසාවේ අධිකරණ සංඝනායක පුජ්‍ය රැලපනාවේ ධම්මජෝති ස්වාමින් වහන්සේ 2015 දී ජනතාව තමන් අතින් සිදුවු වරද නිවැරදි කිරීමට මෙවර මැතිවරණයේදී බහුතර බලයක් ලබා දී ඇතැයි සදහන් කළහ. ජනතාව ඔවුන්ගේ යුතුකම ඉටු කළ ආකාරයෙන්ම රජය ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කළ යුතුය. රටට අහිතකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් නව ව්‍යවස්ථාවක් මගින් ජනතාවට සහන සැලසීම රජයේ වගකීම බව උන්වහන්සේ සදහන් කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *