ඉදිරියේදි ඉඩමක් හෝ ඉඩම් බලපත්‍රයක් ඉල්ලා සිටින අයෙකුට මාස දෙකක් තුළ එම අවශ්‍යතාව ඉටු කිරිමට ඉඩම් අමාත්‍යංශය සූදානම්

Share Button

ඉදිරියේදි ඉඩමක් හෝ ඉඩම් බලපත්‍රයක් ඉල්ලා සිටින අයෙකුට මාස දෙකක් තුළ එය ලබාදෙන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි. සිය ධුරයේ වැඩ භාරගැනිමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. ජනාධීපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් ආකාරයට සෑම අයෙකුටම නිවසක් ඉදිකර ගැනිමට ඉඩමක් හිමි විය යුතුය. ඉඩමක් අයදුම් කිරිමේදි ග්‍රාම නිලධාරි වරයාගේ සිට පියවර හයක් ඉදිරියට යා යුතු අතර ඒ සදහා දීර්ඝ කාලයක් ගත වේ. එම එක් ස්ථානයක උපරිම වශයෙන් අයදුම්පත්‍රයක් තබා ගත හැකි කාලය සතියකට පමණක් සීමා කර චක්‍රලේඛයක් නිකුත් කරන බව අමාත්‍යවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *