නව අමාත්‍යංශ ලේකම්වරු පත් කෙරෙති

Share Button

නව කැබිනට් අමාත්‍ය 25 ක් සදහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්විම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධීපති කාර්යාලයේදි අද පස්වරුවේ සිදු කෙරිණ. ඒ අනුව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. එම්. ඩී. ජේ. ප්‍රනාන්දු මහතා පත් කර තිබෙ. මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ ආර්. ඩබ්ලිව්. ආර්. පේමසිරි මහතායි . එස්. ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙ. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජේ. ජේ. රත්නසිරි මහතා පත් කර ඇත. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ ජගත් පී. විජේවිර මහතායි. වැවිලි අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පත් කර ඇති අතර. වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස අනුර දිසානායක මහතා පත් කර තිබෙ. කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ ඩබ්ලිව්. ඒ . චූලානන්ද පෙරේරා මහතායි. විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වසන්තා පෙරේරා මහත්මිය පත් කර ඇත. සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ එස්. හෙට්ටිආරච්චි මහතායි. ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ආර්.ඒ. ඒ . කේ. රණවක මහතා පත් කර ඇත. එන්. පී.ඩී. යූ.කේ. මාපා පතිරණ මහතා කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයායි. ධිවර අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ ආර්.එම්. අයි. රත්නායක මහත්මියයි . ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර ඇත. වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ එම්. කේ. බී. හරිස්චන්ද්‍ර මහතායි. එන්. බී . මොන්ටි රණතුංග මහතා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙයි. ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා වන අතර. වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ ජේ.එම්. බී. ජයවර්ධන මහත්මියයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා පත් කර ඇත. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ මේජර් ජනරාල් විශ්‍රාමික ඒ.කේ. සුමේධ පෙරේරා මහතායි. තරුණ හා ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ අනුරාධ විජේකෝන් මහතායි. බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ධුරයට කේ.ඩි.ආර්. ඔල්ගා මහත්මිය පත් කර ඇති අතර. විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා වන්නේ විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතායි. වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙයි. අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස මහාචාර්ය කපිල පෙරේරා මහතා පත්කර ඇත. සිරිනිමල් පෙරේරා මහතා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයායි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *