පකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය

Share Button

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සවුත්හැම්ටන් හිදි අද ආරම්භ විය දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගත් එංගලන්ත කණ්ඩායම තරගාවලියේ 1 ට බිංදුවක් ලෙස පෙරමුණේ සිටී. තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායමට තීරණාත්මක වෙයි. මෙම තරගාවලිය ජය ගතහොත් ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානය දක්වා පැමිණීමට එංගලන්ත කණ්ඩායමට හැකි වෙයි. දැන් පැවැත්වෙන තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ. බෙන් ස්ටෝක් පෞද්ගලික හේතු මත තරගයට සහභාගි නොවේ. තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තීරණය කළේය. දිවා ආහාරය සදහා තරගය නතර කරන විට පාකිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 62 ක් ලබා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *