ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර ඔවුන් සමාජයේ බලවතුන් කිරිම රජයේ ප්‍රතිපත්තිය බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි

Share Button

ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර ඔවුන් සමාජයේ බලවතුන් බවට පත් කිරිම යහපාලන රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පුත්තලම නවගත්තේගම කුරුඵවැව. රන්සිලුගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරිමට අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය . මෙය සැමට සෙවණ යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදි වු 97 වන ආදර්ශ ගම්මානයයි. නිවාස 21 කින් මෙය සමන්විත වෙයි. වැය කළ මුදල රුපියල් ලක්ෂ 221 කි. ඊට සමගාමිව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සදහා නිවාස ණය ලබාදිම සහ ස්වයංරැකියා ප්‍රදානය කිරිම සිදු කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *