ත්‍රිරෝද රථ රියදුරන්ට පුහුණුවක් ලබාදි ඔවුන් සංචාරක ක්ෂේත්‍රයට යොමු කරවිමේ වැඩපිලිවෙලක්

Share Button

ත්‍රිරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබාදි ඔවුන් සංචාරක ක්ෂේත්‍රයේ සේවා සදහා යොමු කිරිමේ වැඩපිලිවෙලක් අරඹන බව ඇමති මංගල සමරවිර මහතා කියයි. පුහුණු වැඩසටහන ලබන සදුදා කොළඹ ගාලු මුවදොරදි ඇරඹෙයි. කුමන අධ්‍යාපන මට්ටමක් ලබාසිටිය ද පුහුණු සදහා එක්විමට එය බාධාවක් නොවන බව ඇමතිවරයා පැවසුවේ වෘත්තිය පුහුණු අධිකාරියේ තලල්ල ජාතික මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනි. දින 120 කින් ඉදිකිරිම් ක්ෂේත්‍රයේ නිපුණ ශිල්පියෙකු බිහිකිරිමේ ජාතික වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කිරිම නිමිත්තෙන් උත්සවය සංවිධාන කර තිබිණි. මෙරට දොලොස් දහසක් පමණ වන ත්‍රිරෝද රථ රියදුරෝ ජාතික ආර්ථිකයේ සක්‍රිය කොටස් කරුවන් පිරිසක් බවද ඇමතිවරයා සදහන් කලේය. ඇමති ආචාර්ය සරත් අමුණුගම හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11