සියළු විශ්ව විද්‍යාල හෙට ඇරඹේ

Share Button

සියළු විශ්ව විද්‍යාල හෙට ඇරඹේ. ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට අයත් සියළු විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ඒ අනුව හෙට දිනයේදී ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. පසුගිය මාසයේ 15 වනදා සිට වෛද්‍ය පීඨවල 3 වන වසරේ විභාග ක්‍රමානුකූලව පැවැත්විණ. ඒත් සමගම විශ්ව විද්‍යාල පරිපාලන කටයුතු ද ආරම්භ වූ බව අමරතුංග මහතා කියයි. කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් විශ්ව විද්‍යාල වසා දැමුණූ කාලයේදී අන්තර්ජාලය ඔස්සේද අධ්‍යන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වූ බව සභාපතිවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *