ආදර්ශ ගම්මාන වැඩපිලවෙල ශතකය කරා ලගාවෙයි

Share Button

හිසට සෙවනක් නොමැති ජනතාවට හිසට සෙවනක් ලබාදිම වෙනුවෙන් නැවත සක්‍රිය කල උදාගම්මාන වැඩපිලිවෙල යටතේ ඉදිකෙරුණු සියවන ගම්මානය ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට පැවරේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාංගායුත්තු හි ඉදිකල එය කෛලයාපුරම් යනුවෙන් නම්කර තිබේ. නිවාස 22 කින් සමන්විත එම ගම්මානයේ ඉදිකිරිම් ආරම්භ කෙරුනේ පසුගිය වසරේ ජනවාරි 29 වැනිදාය. 2015 ඔක්තෝම්බර් 31 වැනිදා තිස්සමහරාම මැතිවරණ කොට්ඨාශයේ සහනගම උදාගම්මානයට මුල්ගල තබමින් වත්මන් උදාගම් වැඩපිලිවෙල ආරම්භ කෙරිණි. වැඩපිලිවෙල යටතේ පලමුවෙන් ජනතා අයිතියට පැවරුනේ මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ඉසුරුපුර ගම්මානයයි. ත්‍රස්තවාදය හේතුවෙන් නිජබිම් අහිමිව අවතැන් වු පවුල් රැසකට එහි නිවාස හිමිවිය.
ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිලිවෙලක් ලෙස වත්මන් උදාගම්මාන වැඩපිලිවෙල ක්‍රියාත්මක වන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශය කියයි. සාධාරන ඉඩම් කච්චේරි ක්‍රමයක් යටතේ රජය නොමිලේ ලබාදෙන බිම්කොටසක නිවාස ඉදිකර ගැනිම සදහා ප්‍රතිලාභියාට සෙවන අරමුදලේ අඩු පොලි ණය මුදලක් සැපයේ. සිය මුල්‍ය දායකත්වය හා ශ්‍රමය එක්කර ප්‍රතිලාභියාට අවශ්‍ය පරිදි නිවස ඉදිකර ගත හැකිය. උදාගම්මානයක නිවාස අයිතියට හිමිකර ගැනිමට අවශ්‍ය සුදුසුකම අඩු ආදායම්ලාභියෙකු විම සහ ඉඩමක හා නිවසක අයිතිය නොමැති පුද්ගලයෙකු විම බව අමාත්‍යංශය කියයි. සැම පලාතක්ම සැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි විවිධ ජනකොටස් ඉලක්ක කරගනිමින් උදාගම්මාන වැඩපිලිවෙල ක්‍රියාත්මක වෙයි. යොවුන් ගම්මාන දෙකක් ඉදිකර ජනතා අයිතියට පත්කර තිබේ. තිස්සමහාරාම ජුල්පල්ලමේ සියනෙතුගම ඉදිකර දෘෂ්‍යාභාධිත ප්‍රජාව සතු කෙරිණි. උදාගම්මාන වැඩපිලිවෙල යටතේ ඉදිරියේදි ගුරු ගම්මාන . දේශිය වෛද්‍ය ගම්මාන . රාජ්‍ය සේවක ගම්මාන. පොලිස් ගම්මාන . කලා ගම්මාන . රණවිරු ගම්මාන . ක්‍රිඩා ගම්මාන . මාධ්‍ය ගම්මාන ඇතුලු විවිධ ජනකොටස් වෙනුවෙන් ගම්මාන ඉදිකෙරෙනු ඇත.
හෙලයේ මහා ගාන්ධර්ය ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩි අමරදේවයන්ට උපහාර පිණිස හම්බන්තොට සිරිබෝපුර ශ්‍රි අමරදේව ගම ජනතා අයිතියට පැවරිණි. ණය මුදලක් ලබාගෙන නිවසක් ඉදිකිරිමට තරම් ආර්ථික ශක්තියක් නොමැති දිළිදු ජනකොටස් වෙනුවෙන් ග්‍රාම ශක්ති උදාගම්මාන ඉදිකෙරේ. අද වන විට දිවයිනපුරා ඉදිවෙමෙින් පවතින උදාගම්මාන සංඛ්‍යාව 961 ක් බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශය කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *