සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල මහ පෙරහර

Share Button

සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල මහ පෙරහර කප්සිටුවීමේ මංගල්‍යයෙන් හෙට ආරම්භ කෙරේ. හෙට සිට 23 වැනිදා දක්වා කුඹල් පෙරහරද 24 වැනිදා සිට 28 වැනිදා දක්වා වීථී පෙරහරද 29 වැනිදා සිට ලබන මස 02 වැනිදා දක්වා රන්දෝලි පෙරහරද වීථී සංචාරය කරයි. ලබන මස 03 වැනිදා රතඹලාඇල්ල තොටුපොලෙන් චාරිත්‍රානුකුලව දියකැපීමේ උත්සවයෙන් අනතුරුව දහල් පෙරහර පවත්වා මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ. වන්දනා ගමන් ආඥා පනත යටතේ සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර රාජ්‍ය උත්සවයක් බවට පත්කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම පෙරහර මෙය බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *