2020 මුදල් වර්ෂයේ ඉතිරි කාලයේ සේවා සදහා ප්‍රතිපාදන සැලසෙන විසර්ජන පනත පාර්ලිමේන්තුවට

Share Button

විසර්ජන පනත සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයට එක්වු රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කළ ආකාරයටම රටේ ආර්ථිකය ද යලි ගොඩනංවන බව පැවසීය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තියෙන් ආර්ථිකයට එල්ල වු බලපෑමට සාර්ථකව මුහුණ දෙමින් කඩිනමින් ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව ඔහු සදහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විවාදයට එක් වෙමින් දේශීය කර්මාන්ත ගොඩනැංවීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පුර්ව නිගමනවලට පැමිණිය යුතු බව සදහන් කළේය. එසේ නොමැතිව ආනයන සීමා කිරීමෙන් පමණක් දේශීය කර්මාන්ත ගොඩනැංවිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂ්මතාව ඉහල නැංවීම සදහා පුඵල් වැඩපිළිවෙලක අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.
රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා ද විවාදයේදී අදහස් දැක්වීය.

මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි සභාපතිවරයා වෙයි. නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය . නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සභානායක ඇමති දිනේෂ් ගුණවර්ධන . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස . ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්තීවරු නිල බලයෙන් එහි සාමාජිකයෝ වෙති. ඊට අමතරව චමල් රාජපක්ෂ නිමල් සිරිපාල ද සිල්වා. මහාචාර්ය ජී එල් පීරිස් ඩග්ලස් දේවානන්දා ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ මහින්ද අමරවීර වාසුදේව නානායක්කාර . ප්‍රසන්න රණතුංග ු මහින්ද සමරසිංහ . ගයන්ත කරුණාතිලක රවුෆ් හකීම් . අනුර කුමාර දිසානායක ඩිලාන් පෙරේරා රිෂාඩ් බදියුදීන් රංජිත් මද්දුමබණ්ඩාර මනෝ ගනේෂන් . එම් ඒ සුමන්දිරන් සහ අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරු සෙසු සාමාජිකයෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *