රටේ ආර්ථික ගැටඵවලට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් විසදුම් ලැබෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි

Share Button

සැප්තැම්බර් පළමුවැනිදායින් ආරම්භ වී 2020 මුදල් වර්ෂයේ සේවා සදහා ප්‍රතිපාදන සැලසෙන විසර්ජන පනත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා එය ඉදිරිපත් කරමින් පසුගිය රජය විදේශ සංචිත විශාල ප්‍රමාණයක් අත්‍යවශ්‍ය නොවන ආනයන සදහා වැය කර ඇතැයි පෙන්වා දුන්නේය. එම නිසා වත්මන් රජය ආනයන සිීමා කර විනිමය අනුපාත අනවශ්‍ය ලෙස උච්චාවචනය වීම පාලනයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු සදහන් කළේය. පසුගිය රජය සමයේ ගෙවීමට ඇති රුපියල් කෝටි 900 කට ආසන්න සියලු ණය පිළිබඳ සමාලෝචනය කෙරේ. නොගෙවු බිල්පත් ගෙවීම සදහා පරිපුරක ඇස්තමේන්තුවෙන් රුපියල් කෝටි එක්ලක්ෂ 90 දහසක් වෙන් කර තිබෙ. ඉදිකිරීම් කර්මාන්තවලට අදාල බිල්පත් නොගෙවීම හේතුවෙන් කර්මාන්තකරුවෝ දැඩි අපහසුතාවට පත්ව සිටියහ. රුපියල් කෝටි 24 දහස් 200 කට ආසන්න බිල්පත් වටිනාකමක් ගෙවිය යුතුව පවතී. එය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 2 යි දශම 3 කට ආසන්න වෙයි. පසුගිය රජය පරාජයට පත් වන විට රටේ ආර්ථික වර්ධන වේගය සියයට 2 දක්වා පහත වැටී තිබු බවද අගමැතිවරයා පැවසීය. දේශීය කර්මාන්තකරුවෝු හා ගොවි ජනතාව ඉන් දැඩි පීඩාවකට පත්ව සිටියහ. මේ සියලු ගැටඵවලට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් විසදුම් ලැබෙන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *