ඩිලන්ත මාලගමුව සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශුරතාවට
ලැම්බෝ ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශුරතාව සදහා ශ්රීී ලංකාව නියෝජනය කරන ලෝක ශුර ඩිලන්ත මාලගමුව මහතා තරගාවලියට සහභාගිවීම සදහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු විය. ඩිලන්ත මාලගමුව මහතා රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි. තරගාවලිය ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා ජර්මනිය . ස්පාඤ්ඤය බෙල්ජියම හා ප්‍රංශය යන රටවලදී පැවැත්වේ. ඩිලන්ත මාලගමුව මහතා වසර 36 ක් පුරා මෝටර් රථ ධාවන තරගවලින් මෙරටට කීර්තියක් අත්කර දී තිබෙ.