හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු පාස්කු ප්‍රහාරයට අදාල ජනාධිපති කොමිසමට

Share Button

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුට දැනුම් දි තිබෙ. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතාට එම ඒකකය හමුවේ හෙට පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අකිල් විරාජ් කාරියවසම් යන මහත්වරුන්ට පොලිස් විමර්ශන ඒකකය හමුවේ ලබන සදුදා පෙනී සිටින ලෙස දන්වා යවා තිබෙ. ආශූ මාරසිංහ සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට ලබන මස 02 වැනිදාත් මංගල සමරවිර සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යන අයට ලබන 03 වැනිදාත් එහි පෙනි සිටින ලෙස දැනුම් දී ඇත. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එළඹෙන 07 වැනිදා සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට ලබන 08 වැනිදා පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙ.

දේශපාලන පළිගැනිම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පෙරවරුවේ කැදවා තිබිණි. එහිදි විභාගයට ගැනුනේ රෝහිත බෝගොල්ලාගම මහතා ඉදිරිපත් කර තිබු අසත්‍ය චෝදනා මත නඩු පැවරීමයි. ඊට වගඋත්තරකරු ලෙස අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්ෂි ඩයස් මහත්මිය කැදවා තිබිණි. එහිදි ඇය වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කළ ජනාධිපති නිතිඥ ෂානක මහතා කියා සිටියේ මෙම පැමිණිල්ල විභාග කිරිමට කොමිෂන් සභාවට අයිතියක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙසයි. ඊට හේතු ලෙස ඔහු පෙන්වා දුන්නේ දේශපාලන පළිගැනිම් සම්බන්ධයෙන් විමර්ශනය කරන කාල පරාසයට එම පැමිණිල්ල අදාල නොවන බවයි. එය 2006 වසරේදි සිදුවූවක් බව ඔහු පෙන්වා දුන්නේය. කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එය පිළිගත්තේය. මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර තීන්දුව ලබන 11 වැනිදා ලබාදෙන බව කොමිෂන් සභාව දැනුම් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *