සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන සියලු දෙනා සුරක්ෂිත කිරිමට ක්‍රියාමාර්ග ගත් බව විෂය භාර ඇමති කියයි

Share Button

තේ නැවත වගා කිරිමට වැඩි අවධානයක් යොමු කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි රබර් ගොවින්ගේ නිෂ්පාදන වලට ස්ථාවර මිලක් ලබාදෙමින් මොණරාගල ඇතුඵ් දිස්ත්‍රික්කවල රබර් වගාව ව්‍යාප්ත කරන බව හෙතෙම කියයි මේ වසරේ අවසන් කාර්තුව සදහා වන විසර්ජන ගිණුම පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේදී අද එක්වෙමින් ඔහු මේ බව කීවේය. විවාදයට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා සමෘද්ධි ව්‍යාපාරයේ අපේක්ෂා සඵල කිරිමට ක්‍රියා කරන බව පැවසිය. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කතා කරමින් ගොවි ජනතාවට අවශ්‍ය වාරි පහසුකම් ලබාදිමට ප්‍රමුඛතාව දෙන බව කීවේය. පාර්ලිමේන්තු සන්දිප් සමරසිංහ මහතා පැවසුවේ කිතුල් රබර් වැනි කර්මාන්ත දියුණු කිරිමට පහසුකම් සපයනවා සේම ඒ පිළිබඳව ඇති ආකල්ප වෙනස් කළ යුතු බවයි.
රාජ්‍ය අමාත්‍ය ටී. බී. හේරත් මහතා විවාදයට එක්වෙමින් ඉකුත් රජය සිදුකළ මහබැංකු කොල්ලය ඇතුඵ වංචා නිසා ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වූ බව කිවේය. පාර්ලිමේන්තු ජානක තිස්සකුට්ටි ආරච්චි මහතා පැවසුවේ ඌව පළාතේ අර්තාපල් එළවඵ හා වී ගොවින්ගේ ගැටඵවලට විසදුම් දෙන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි මුදිතා ප්‍රසාන්ති සොයිසා මහත්මිය කියා සිටියේ සිය සැමියා වන රංජිත් සොයිසා මහතා රත්නපුර ජනතාව වෙනුවෙන් සිදුකළ සේවය ඉදිරියටත් ගෙනයන බවයි. දේශිය කර්මාන්ත මෙන්ම කෘෂිකර්මාන්තය නගා සිටුවිමට රජය ගෙනයන වැඩපිලිවෙල සාර්ථක කිරිමට කැපවන බව විවාදයට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් ප්‍රනාන්දු මහතා පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා පැවසුවේ දේශිය කර්මාන්ත දියුණු කිරිමට වත්මන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කතා කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කළ යුතු බව කිවේය. නිසි අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබාදි රටේ තරුණ ප්‍රජාව සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය. විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනිම කඩිනම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා පැවසිය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කතා කරමින් කොවිඩ් අභියෝගය හමුවේ වුවද සංචාරක ක්ෂේත්‍රයේ නියැලි සිටින සියලු දෙනා ආරක්ෂා කිරිමට කටයුතු කර ඇතැයි කිවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතා කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයට විශ්ව විද්‍යාලයක් අවශ්‍ය බවයි. සෑම අංශයක් සදහාම ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති ඇති කළ යුතු බව විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි උපුල් ගලප්පත්ති මහතා පැවසිය. විවාදයට එක් වු ඉසුරු දොඩංගොඩ මන්ත්‍රිවරයා අතපසු වු වැඩකටයුතු හා ජනතාවට සහන සැලසිමට මෙම අතුරු සම්මත ගිණුමෙන් හැකිවන බව කිවේය ඩ්€~පසුගිය රජය රටට කළ හානිය නිවැරදි කිරිමට වත්මන් රජයට හැකිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද කිරිදියගොඩ මහතා පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රි කිංග්ස් නෙල්සන් මහතා කතා කරමින් අලි වැට නඩත්තු කිරිම සදහා සිවිල් ආරක්ෂක බලකායට ප්‍රමානවත් පහසුකම් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. රාමේෂ්වරන් මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ වතුකරයේ පාසල් වලට බදවා ගත් ගුරුවරුන් තුන්දහසක් ගුරු සේවයට එක් කිරිමට කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරවංශ මහතා කතා කරමින් නිෂ්පාදන ආර්ථිකයක් කෙරෙහි වර්තමානයේ අවධානය යොමු වී ඇතැයි පැවසිය. පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතා ගැටඵ වලට විසදුම් දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අමල් චින්තක මායාදුන්නේ මහතා ප්‍රකාශ කළේය. විවාදයට එක් වූ අමාත්‍ය විමල් විරවංශ මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරිමට රජයට ජනවරමක් ලැබී ඇතැයි කිවේය. එය ජනතාවගේ අභිමතාර්ථ ඉටුවන රටවැසියා හා රජය බලගන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය යුතු බව ඔහු පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *