අලි මිනිස් ගැටුමට වසර දෙකක් තුළදී ස්ථිර විසදුමක් දෙන ලෙස ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

Share Button

වන අලි ගම් වදිනවා වෙනුවට කැළෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට වසර දෙකක් තුළදී ස්ථිර විසදුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. දිස්ත්‍රික් රැසක ජනතාව මුහුණ දෙන වන මිනිස් ගැටුම වසර 40 කට ආසන්න කාලයක් පුරා සාකච්ඡාවට ලක්වෙයි. විවිධ විසදුම් ක්‍රියාත්මක කළ ද එම ගැටඵව මෙතෙක් විසදි නැත. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථිර විසදුම් සෙවිම ප්‍රමුඛ කාර්යයක් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. වන ජිවි රැකවරණය. අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුඵ ආරක්ෂිත වැඩපිලිවෙල හා කැළැ නැවත වගාකිරිම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද පැවති සාකච්ඡාවකදි එතුමා මේ බව කිවේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදි එය පැවැත්විණ. ඉකුත් වසරේදි වන අලි ගම් වැදිමෙන් මිනිස් ජිවිත 122 ක් අහිමි විය. මියගිය වන අලින්ගේ සංඛ්‍යාව 407 කි. මේ වසරේ ගතවු මාස අට තුළ අහිමි වූ මිනිස් ජිවිත ගණන 62 කි. වන අලින් 200 දෙනෙකු මියගොස් තිබෙ.් මේ නිසා වගා කටයුතු වලට ජන ජිවිතයට මෙන්ම වන අලි ග්‍රහණයට එල්ල වී ඇති තර්ජනය අති විශාල බව ජනාධිපතිතුමා කිවේය. හෙක්ටයාර් දොළොස් ලක්ෂයක කැළෑබිමක් වනජිවි දෙපාර්තමේන්තුව සතුව ඇත. වන සතුන්ගේ ආහාර පිළිබඳ සොයා බැලිස එම දෙපාර්තමේත්ුවේ වගකිමකි. දිගුකලක සිට පවතින මෙම ගැටඵවට විසදුමක් සෙවිමට හෝ උපායමාර්ග සකස් කිරිමට හො ්අදාල ක්ෂේත්‍රවල නිලධාරින්ට නොහැකි විම ගැන ජනාධිපතිතුමා මවිතය පළ කළේය. වන අලි ගම්වැදිම වලක්වා ජනජිවිතය හා වගා බිම් ආරක්ෂා කිරිමට ස්ථිර විසදුමක් සෙවිම සදහා කමිටුවක් පත් කර ඇත. කඩොලාන සංරක්ෂණය සහ පුඵල්ව ව්‍යාප්ත කිරිමේ අවශ්‍යතාව දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. කඩොලාන වගා කිරිමේදි ජනතාවට ප්‍රතිලාභ හිමිවන පරිදි නිති ලිහිල් කළ යුතු බව ජනාධිපතිතුමා පැවසිය. රක්ෂිත භූමිවල ඇති වැව් සහ ජලාශ ප්‍රතිසංස්කරණයට සහ ඒ ආශ්‍රිත තෘණ වගාව ප්‍රවර්ධනය කිරිමේ වැදගත්කම මෙම අවස්ථාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ගංගා ආශ්‍රිතව වැලි ගොඩ දැමිම. පාලනයක් සහිතව කරගෙන යාමට එම ප්‍රදේශවල ජනතාවට අවසරදිම කෙරෙහිද අවධානය යොමුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *