මහනුවරට ඊයේ රාත්‍රියේ බලපෑ කම්පන තත්ත්වය භූ චලනයක් නොවන බව තහවුරු කෙරේ

Share Button

මහනුවරට ඊයේ රාත්‍රියේ බලපෑ කම්පන තත්ත්වය භූ චලනයක් නොවන බව තහවුරු කෙරේ මහනුවර හාරගම සහ අනුරගම ප්‍රදේශවල ජනතාවට ඊයේ රාත්‍රී 08 යි 38 ට පමණ යම් ශබ්දයක් සමග කම්පන තත්ත්වයක් අත්විදීමට සිදුවූ බව අප වාර්තාකරු කියයි මේ සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියට පවා දුරකථන පණිවිඩ මගින් ජනතාව දැනුම්දීම් සිදුකර ඇත කිසිදු භූ චලන මාපකයක එය සටහන්ව නැතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් අද දිනයේදී ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමට නියමිතය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *