වේදිකා නාට්‍යකරුවන්ට රක්‍ෂණ ක්‍රමයක්

Share Button

ලබන මස අවසානයේදී සියලු වේදිකා නාට්‍යකරුවන් සදහා වෛද්‍ය රක්‍ෂණ ක්‍රමයක් ආරම්භ කරන බව ටවර් හෝල් රගහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා පවසයි දිගුකලක් වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ රැදි සිටින සියලු කලාකරුවන්ගේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ පළමුව ඒ සදහා නාට්‍යකරුවාට රක්‍ෂණ සහතිකයක් පිරිනැමීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන වැඩසටහනකදී සිදුකරන බව ඔහු ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් කීවේය ටවර් සහ එල්පීන්ස්ටන් රගහල් පහසු මුදලකට ඕනෑම නාට්‍ය කණ්ඩායමකට පුහුණුවිීම් සදහා ලබාගත හැකි බව ඔහු කියා සිටී මෙරට පාසල්වල ඇති ශාලාද වේදිකා නාට්‍ය පෙන්විය හැකි රංග ශාලා බවට පත්කිරීම රජයේ අරමුණ වී තිබේ
සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍ය ප්‍රවීන නාට්‍යවේදී ප්‍රසන්නජිත් අබේසුරිය මහතා පැවසුවේ දුරබැහැර ප්‍රදේශවල නාට්‍ය වේදිකාගත කිරීමට ප්‍රවාහන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ නම් එය විශාල සහනයක් බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *