ජුලි 31 වැනිදා ගෙන් පසු උසස් පෙළ අතිරේක පංති පැවැත්වීම තහනම්

Share Button

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අතිරේක පංති, සම්මන්ත්‍රණ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දින නියම කර තිබේ.

ඒ අනුව හෙට (31 වැනිදා ) මධ්‍යම රාත්‍රියෙන් පසු අ.පො.ස. උසස් පෙළ අතිරේක පන්ති පැවැත්වීම තහනම් බවද, අනිද්දා ( අගෝස්තු 01 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව පන්ති පැවැත්වීම තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනි සඳුදා ආරම්භ කෙරෙන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 05 වැනි ඉරු දින පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *