19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතුයි – මන්ත්‍රි ඩිලාන් පෙරේරා
ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ඡන්ද විමසිම් වලදි ලද ජනවරමින් 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ඉවත් කළ යුතු බව ප්‍රකාශ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි. ඒ අනුව එම සංශෝධනයේ දෝෂ සහිත තැන් ඉවත් කිරිමට හා නව ව්‍යවස්ථාවක් ගෙනඒමට කටයුතු කරන බව නෙඵම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ පලමු ව්‍යාපෘතිය වන උපාධිධාරින්ට රැකියා පිරිනැමිම දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන බව ද හෙතෙම සදහන් කළේය. පෞද්ගලික අංශයේ සේවය කළ උපාධිධාරින්ට ද රැකියා දිම දැන් සිදු කෙරේ. ඩිප්ලෝමාධාරින්ට හා රාජ්‍ය සේවයේ පුහුනු උපාධිධාරින් සම්බන්ධයෙන් ද ඉදිරියේදි කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.