19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තක්සේරු කිරීමට නොහැකි හානියක් රටට සිදුවු බව අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිීරිස් මහතා පවසයි

Share Button

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තක්සේරු කිරීමට නොහැකි හානියක් රටට සිදුවු බව අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතා පවසයි. එය ඉවත් කොට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට ජනතාව තුනෙන් දෙකක බලයක් රජයට දී ඇතැයි හෙතෙම සදහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹුල්ල බලමණ්ඩලයේ රැස්වීමක් පසුගියදා අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ජාතික පාසලක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගෙන් ඒ සදහා උපදෙස් ලැබී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *