ගෙවුනු මාස තුනේදි කල මෙහෙයුම් වලින් මත්ද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට

Share Button

දිවයිනේ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධව සිදුකරන වැටලීම් වලදි මේ වන විට වැඩිපුරම අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ සැකකරුවෝ වෙති. මේ වසරේ ජුනි මාසයේ සිට ඉකුත් 7 වැනිදා දක්වා රටපුරා කෙරුණු මෙහෙයුම් වලදි හෙරොයින් කිලෝ ග්‍රූම් 109 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව විසිදෙදහස් හාරසිය හැත්තැහතරකි. ගංජා කිලෝ ග්‍රූම් 1019 ක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඊට සම්බන්ධව සැකකරුවන් පහලොස්දහස් හයසිය විසිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව අයිස් කිලෝ ග්‍රූම් දෙකකට වැඩි සංඛ්‍යාවක් සමග සැකකරුවන් දහසකට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්වි ඇත. නිීතිවිරෝධි මත්පැන් ලිටර් හත්ලක්ෂයට වැඩි ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. එහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව තිස්තුන්දහස් එකසියයකි. බස්නාහිර පලාතේ විශේෂ මෙහෙයුම් ඉකුත් කාලය පුරාම සිදු කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කිවේය. බස්නාහිර පලාත තුලදි පමණක් හොරොයින් කිලෝ ග්‍රූම් 80 කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. දැනට කෙරුණු වැටලීම් වලදි හොරොයින් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් හමුවි ඇත. මේ පිලිබදව පොලිස් මුලස්ථානයේ අද පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ජාලිය සේනාරත්න මහතා අදහස් දැක්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *