ලෙබනනයේ බීරූට් වරායේ ඊයේ හටගත් ගින්න පිළිබඳව එරට රජයෙන් පුඵල් පරීක්‍ෂණයක්

Share Button

ලෙබනනයේ බීරූට් වරායේ ගබඩාවක ඊයේ හටගත් විශාල ගින්න පිළිබඳව එරට රජය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. ආධාර ආයතනයක් විසින් ආහාර සහ කෑම පිසීමට යොදා ගන්නා තෙල් ගබඩා කර තිබු ස්ථානයක මෙම ගින්න හටගෙන ඇත. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවන භටයන් සහ හමුදා නිලධාරීන් හෙලිකොප්ටර් යානා යොදාගනිමින් පැය ගණනාවක් කටයුතු කළහ. මෙම සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත. මීට මාසයකට පෙර එම ස්ථානයේ ඇති වු විශාල පිපිරීමකින් පුද්ගලයෝ 190 කට වැඩි පිරිසක් මිය ගියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *