2020 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය අද පස්වරුවේ කොළඹ නෙඵම්පොකුණ රගහලේදී

Share Button

2020 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ නෙඵම්පොකුණ රගහලේදී අද පස්වරු 6.00 ට පැවැත්වේ. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව මෙය සංවිධාන කරයි. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක.ප්‍රවීන කලාකරු නිශ්ශංක දික්දෙනිය සහ ප්‍රවීන කලා ශිල්පිනී අනුලා බුලත්සිංහල යන මහත්ම මහත්මීන්ගෙන් සහ එන් මරියශේවියර් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැ්තවේ. මෙහිදී සම්මාන 80 ක් සහ කුසලතා සහතික 8 ක් පිරිනැමේ. ජිවිතයේ එක්වරක් පමණක් පිදුම් ලබන නාට්‍ය කිර්ති සම්මාන ප්‍රවීන නාට්‍යවේදීන් තිදෙනෙකුට පිරිනමන බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් විජිතනන්ද කුමාර මහතා පවසයි. එම නාට්‍ය උළෙල විනිශ්චයේදී අවසන් වටය නියෝජනය කළ සැම දිගු නාට්‍යයක් සදහාම නිෂ්පාදන දීමනාව ලෙස රුපියල් 50 දහසක මුදලක් ලබාදෙයි. කෙටි නාට්‍ය සදහා රුපියල් 25 දහසක මුදලක් හිමිවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ තරණී අනෝජා ගමගේ මහත්මිය පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *