ජාතික යෞවන ක්‍රිඩා උළෙලේදි වෙනස්කම් කිහිපයක්

Share Button

මීළග ජාතික යෞවන ක්‍රිඩා උළෙලේදි වෙනස්කම් කිහිපයක් සිදුකරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි. ජාතික යෞවන ක්‍රිඩා උළෙල සුගතදාස ක්‍රිඩාංගනයේ හෝ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ දින පහක් පැවැත්විමට තීරණය කළ බව ඔහු ජාතික ගුවන්විදුලියට පැවසිය. ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ සැබෑ දක්ෂතා ඉස්මතු වීම සදහා අවසන් තරග කෘත්‍රිම ධාවන පථයක පැවැත්විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. දක්ෂතා දක්වන ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට පිරිනැමෙන ත්‍යාග මුදලද ඉහළ නැංවෙයි.මෙහි මූලික මට්ටමේ තරග දිවයින පුරා කලාප 321 කදි මේ දිනවල පැවැත්වේ. ජාතික යෞවන ක්‍රිඩා උළෙල ලබන වසරේ මාර්තු මාසයේදි පැවැත්විමට සැලසුම් කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *