අමෙරිකානු ජනාධිපතිවරණයට අදාලව වැරදි සහ නොමග යවන තොරතුරු ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් දැඩි අවධානය

Share Button

අමෙරිකානු ජනාධිපතිවරණයට අදාලව වැරදි සහ නොමග යවන තොරතුරු ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇතැයි ගූගල් සහ ට්ව්ටර් ආයතන පවසයි. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඡන්ද විමසිමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි තොරතුරු බහුල වශයෙන් ප්‍රචාරය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඒ අනුව මැතිවරණයට අදාලව ප්‍රචාරය කෙරෙන වැරදි තොරතුරු ඉවත් කිරිමට සැලසුම් කර ඇති බව ට්ව්ටර් ආයතනය පැවසිය.ගූගල් ආයතනය පැවසුවේ එවැනි වැරදි තොරතුරු තම සෙවුම් ලැයිස්තු වලින් ඉවත් කිරිමට ක්‍රියා කරන බවයි.
රුසියාව.චීනය සහ ඉරානය. යන රටවල් කේන්ද්‍ර කරගත් හැකර්වරුන් අමෙරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කර සිදුකරන සයිබර් ප්‍රහාර වේගවත් වී ඇතැයි මයික්‍රොසොෆ්ට් ආයතනය අනතුරු අගවයි. මැතිවරණයට සම්බන්ධ පුද්ගලයින් සහ සංවිධාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාර පසුගිය සති කිහිපයේදි හදුනාගත් බව එම ආයතනය සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *