2020 රාජ්‍ය නාට්‍ය උළෙලේදි අතරමැදියා සම්මානයට

Share Button

ප්‍රවිණ නාට්‍යවේදින් වන නිශ්ශංක දිද්දෙනිය, බුද්ධදාස ගලප්පත්ති, මරිය ෂේවියර් සහ අනුලා බුලත්සිංහ යන මහත්ම මහත්මිහු නාට්‍ය කිර්ති සම්මානයෙන් පිදුම් ලබති. ඊයේ රාත්‍රියේ කොළඹ නෙලුම් පොකුණ රගහලේ පැවැති 2020 රාජ්‍ය නාට්‍ය උළෙලේදි ඔවුන්ට මෙම සම්මාන පිරිනැමුණි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,       ශ්‍රි ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව මෙය සංවිධානය කලේය. මෙවර පැවැත්වුයේ 48 වැනි සම්මාන උළෙලයි. පසුගිය වසරේ මුල්වරට සිංහල දෙමළ භාෂා වලින් නාට්‍ය වේදිකා ගත කල කලාකරුවන්ට සම්මාන ප්‍රදානය කෙරුණි. සිංහල දිගු නාට්‍ය අංශයේ හොදම නාට්‍ය වුයේ නිලන්ත නිසලාංජල් ධර්මදාසගේ අතරමැදියා නාට්‍යයයි. ඔහු හොදම අධ්‍යක්ෂවරයා ලෙසද සම්මානයට පාත්‍රවිය. මගුල් කපුවා නාට්‍යයේ තිලාන් වර්ණජිත් හොදම නලුවා ලෙසත් අතරමැදියා නාට්‍යයේ සිලිදු රන්වල හොදම නිලිය ලෙසත් සම්මානයට පාත්‍රවුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *