රටේ අපරාධ මර්දනයට ආරක්ෂක ලේකම්වරයා ජනතා සහාය පතයි

Share Button

අපරාධ මර්දනය සදහා ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනතා සහාය පතයි තමන් දන්නා කරුණු ආරක්ෂක අංශවලට සපයන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි එවැනි පුද්ගලයන්ට ත්‍යාග පිරිනැමිමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කෙරේ දැනට වසා දමා ඇති බෝගම්බර බන්ධනාගාරය නිරීක්ෂණය සදහා අද පෙරවරුවේ එක් වු ආරක්ෂක ලේකම්වරයා එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් එම කරුණු සදහන් කළේය බන්ධනාගාරවල ඇති තදබදය අවම කිරීම සදහා ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධ සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන වැටලීම් ඉහල නංවා ඇති බැවින් අත්අඩංගුවට ගැනෙන සංඛ්‍යාව ද ඉහල මට්ටමක පවති බෝගම්බර බන්ධනාගාරයේ දැනට ඇති ගොඩනැගිලි පිළිසකර කර තාවකාලිකව ඉඩකඩ සලසා ගැනීමේ මං සොයා බැලීම තම චාරිකාවේ අරමුණ වු බව ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ වැරදි කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවයි බුස්ස බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින රැඳවියන් සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වු ආරක්ෂක ලේකම්වරයා ඔවුන් ඉල්ලන සියල්ලම දීමට කිසිසේත් නොහැකි බවයි දැනටමත් කිහිපදෙනෙකු සිය උපවාසය අත්හැර තිබේ සෙසු පිරිස ද ඔවුන් අගමනය කරනු ඇතැයි ආරක්ෂක ලේකම්වරයා විශ්වාසය පළ කළේය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රමුඛ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් ද ආරක්ෂක ලේකම්වරයා සමග වුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *