නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිතව නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා අදත් මෙහෙයුම්

Share Button

නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී ගිනිගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිතව කිමිදුම්කරුවන් යොදවා අදත් මෙහෙයුම් සිදු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව කියයි නාවික හමුදා කිමිදුම් කණ්ඩායම ඊයේ නෞකාවේ ජලයෙන් යට පිහිටි බද කොටස පරීක්ෂා කළහ එහිදී ජල මට්ටමට මිටර් 19 ක් හා මිටර් 16 ක් පහලින් නෞකාව තුළට මුහුදු ජලය ලබා ගන්නා විවර දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතියට හානි සිදුවී ඇතැයි නිරීක්ෂණය විය ඒ අනුව නාවික හමුදා කිමිදුම්කරුවෝ එම හානි සිදුවු විවර වසා දැමුහ ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාතමේන්තුව ඉන්දිය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා ඉන්දිය නාවික හමුදාවට අයත් නෞකා හා යාත්‍රා මෙන්ම සෙසු පාර්ශ්වවලට අයත් ටග් යාත්‍රා මගින් මේ වනවිට මෙහෙයුම් සිදු කෙරේ ඉන්දිය වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් අවශ්‍යතාවකදී යොදා ගැනීමට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථානගත කර තිබේ නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට මඩකලපුවේ සිට නාවික සැතපුම් 50 ක් දුරින් රදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය

නැවේ සිදුවු තෙල් කාන්දුව සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ නැව යාත්‍රා කිරීමට යොදාගත් ඉන්ධන මෙලෙස මුහුදට එක්වන්නට ඇතැයි විශ්වාස කෙරේ එම තෙල් හා ජල සාම්පල් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ ලබන සතියේ එම වාර්තාව ලැබෙනු ඇතැයි සමුද්‍රීය පරිසර අධිකාරිය කියයි

නැවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ අවසර දුන්නේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *