කැළණිය රජමහ විමාරස්ථානයේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම අගමැති ප්‍රධානත්වයෙන්

Share Button

කැළණිය රජමහ විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීමේ කල්‍යාණේදා උත්සවය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි ලොවපුරා විසිරී සිටින බෞද්ධ ජනතාවට මෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන අන්‍යාගමිකයන්ටද දැණුම ලබා ගැනීමට මෙම වෙබ් අඩවිය ඉවහල් වනු ඇතැයි අගමැතිවරයා එහිදී පැවසීය බෞද්ධ දර්ශනය පිළිබදව ස්වාමින් වහන්සේට මතුවන විවිධ ගැටඵවලට විසදුම් ලබාදීම රජයේ වගකීමයි කැළණිය රජමහ විහාරාධිපති පුජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ දායක සභාව එම කාර්යය ඉටුකර ඇතැයි අගමැතිවරයා සදහන් කළේය කැලණිය රජමහ විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය ආරම්භ කිරීම ඵෙතිහාසික අවස්ථාවක් බව ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලාධිපති කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක ස්වාමින්වහන්සේ එහිදී පැවසුහ ලොවපුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති මේ අවස්ථාවේ බෞද්ධ දර්ශනය පිළිබඳව උනන්දුවන සැමට මෙම වෙබ් අඩවියෙන් බෞද්ධ කරුණු අධ්‍යනය කළහැකි බව උන්වහන්සේ පෙන්වා දුන්නහ
කැලණිය රජමහ විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අගමැතිවරයාට ශ්‍රී කල්‍යාණී දුරුතු ධර්ම දේශනා ග්‍රන්ථය පිළිගැන්විීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *