රටට යෝග්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට ජනතාව ජනාධීපතිතුමාට බලයදී ඇතැයි මහ සංඝරත්නය පවසති

Share Button

රටට යෝග්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට බහුතර බලයක් දී ඇතැයි මහ සංඝරත්නය පවසති ජනතා අපේක්ෂා පියවරෙන් පියවර ඉටුකරමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැංවීමට ජනාධිපතිතුමා යන ගමන දෙස සතුටින් බලා සිටින බව උන්වහන්සේ සදහන් කරති ඵෙතිහාසික අනුරාධපුර අටමස්ථානය වැද ආශිර්වාද ගත් ජනාධිපතිතුමා අද පෙරවරුවේ ලංකාරාමය මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ එම කරුණු සදහන් කළහ ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිතුමා විහාරාධිකාරී පුජ්‍ය රැලපනාවේ ධම්මජෝතී ස්වාමින් වහන්සේ බැහැදැක කෙටි පිළිසදරක නිරත විය විහාරස්ථානයේ සංරක්‍ෂණ කටයුතුද නිරීක්‍ෂණය කළ එතුමා පුජා භූමියට පැමිණ සිටි සැදැහැවතුන් සමග කථාබහකද නිරත විය ජනාධිපතිතුමා මිරිසවැටිය විහාරාධිකාරී පුජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමින් වහන්සේද බැහැදුටුවේය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගිය එතුමා පුජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ බැහැදැක සුවදුක් විමසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *