බන්ධනාගාර තුල නීතිවිරෝධි ක්‍රියා වැලැක්විමට පියවර

Share Button

බන්ධනාගාර තුල නීතිවිරෝධි ක්‍රියා සිදුවිම් වැලැක්විමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා කියයි. බන්ධනාගාරතුලට තහනම් ද්‍රව්‍ය හා ජංගම දුරකතන රැගෙන යාම වැලැක්වීමට මේ වන විට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ බන්ධනාගාරවල ආරක්ෂාව සහ රැදවියන් සිදුකරන විවිධ ජාවාරම් මැඩලිම සදහා නවින තාක්ෂණය යොදාගන්නා බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් පිලිබදව තොරතුරු ලබාදෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලිමක් කලේය. දුරකතන අංක 0112 67 86 00 ඒ සදහා විවෘතව පවති. ලැබෙන තොරතුරුවල රහාස්‍යභාවය උපරිම අන්දමින් ආරක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *