කහ සහ කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Share Button

කහ සහ කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මන්නාරම උයිලන්කුලම පුදකුඩිරිප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වෙති. කේරල ගංජා කිලෝග්‍රූම් 52 කට වැඩි ප්‍රමාණයක් කහ කිලෝ 920 ක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 05 ක් රුපියල් 17 ලක්ෂ 25 දහසක් සමග ට්‍රුක්ටරයක් සහ ලොරි රථයක් ද සොයාගත් බව ආරක්ෂක අංශ කියයි.

රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. මිරිීගම කල්එලිය මල්ලැහැව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු ලග තිබි කේරල ගංජා කිලෝ එකහමාරකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට බස්නාහිර පළාත් උතුර ගම්පහ බුද්ධි නිලධාරිහු සමත්වුහ. ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පල්ලේවෙල මිහිඳු මාවතේ නිවසක සගවා තිබු තවත් ගංජා තොගයක් සොයා ගෙන ඇත. පල්ලේවෙල පොලිසිය සැකකරුවන් අත්තනගල්ල අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *