එක්සත් ජාතික පක්ෂය සම්පුර්ණයෙන් ප්‍රතිසංවිධානය කරන බව එහි නියෝජ්‍ය නායකයා කියයි

Share Button

එක්සත් ජාතික පක්ෂය සම්පුර්ණයෙන් ප්‍රතිසංවිධානය කරන බව එහි නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුය යන්නෙහි තමා සෑම විටම පෙනි සිටි බව හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අද ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය. දැවැන්ත පක්ෂයක්ව තිබු එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනැගීමේ භාරධුර වගකීම තමාට පැවරී ඇතැයි හෙතෙම කීවේය. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශ්වාසය පළ වන්නේ නම් පක්ෂ නායකත්වය භාර ගැනීමට තමා සුදානම් බව ද ඒ මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *