කොවිඩ් නයින්ටීන් ආසාදිතයෝ 28 දෙනෙක් අලුතින් හදුනා ගැනෙති

Share Button

අද උදැසන වනවිට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයන් 28 දෙනෙකු අලුතින් හදුනාගෙන තිබේ. ඔවුන් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. බහරේන් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ මිය ගියේය. කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවී හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් තිබේ. ඊයේ රාත්‍රියේ අබුඩාබි සිට පුද්ගලයන් 05 දෙනෙකු සහ අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයන් 26 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා යුද හමුදාවේ නිරෝධායන මධයස්ථානය වෙත යොමු කිරීමට නියමිතයි. ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය අවසන් කළ පුද්ගලයෝ 11 දෙනෙක් අද නිවෙස් බලා පිටත්ව යති. ත්‍රිවිධ හමුදාවේ මධ්‍යස්ථාන 60 ක තවදුරටත් පුද්ගලයෝ 6142 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති. අද උදෑසන වනවිට පුද්ගලයන් 09 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි එම මධ්‍යස්ථානය සදහන් කරයි. කන්දකාඩු මධ්‍යස්ථානයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෝ 11 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *