විධිමත් සැලැස්මක් අනුව රටේ ආර්ථිකය ගොඩනැංවීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි

Share Button

පැහැදිලි විධිමත් සැලැස්මක් අනුව රටේ ආර්ථිකය ගොඩනැගිම සදහා වත්මන් රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. එමගින් ජනතාව තුළ රජය කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කෙරේ. ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කළ යුතු බවයි. ඊට සමගාමිව ව්‍යවසායකයන් ආරක්ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. කොවිඩ් වසංගතය හමුවේ නිවැරදිව සැලසුම් ක්‍රියාත්මක කළ රටවල් අතුරින් ප්‍රමුඛස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇත. එය ලෝක නායකයන්ගේ පැසසුමට හේතුවී තිබේ. ඒ ආකාරයට ආර්ථික අභියෝග ද ජය ගන්නා අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *