මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීති විරෝධිව උපයන දේපළ හා මුදල් රජයේ භාරයට ගැනීමේ වැඩපිළිවෙලක්

Share Button

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුඵ නීති විරෝධිව එක්රැස් කළ මුදල් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වින. නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල උසස් නිලධාරිහු පිරිසක් ඊට එක්ව සිටියහ. නීති විරෝධිව උපයාගත් මුදල් හා දේපළ සදහා අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් පසුවද නඩු විභාගය අවසන් කර දේපළ රාජසන්තක කරනතුරු ඔව්හු ඒවා භුක්ති විදිති. එය වැළැක්වීම සදහා ගතයුතු පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරින. එම මුදල් හා දේපළ තවදුරටත් නීති විරෝධි අරමුණු සදහා යෙදවීම වැළැක්වීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. එවැනි පුද්ගලයන්ගේ මුදල් හා දේපළ රාජසන්තක කිරීමට පෙර මුල් අවස්ථාවේදීම ඒවා රජය භාරයට ගැනීමට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කෙරින. මුදල් විශුද්ධිකරණ පනත හා 2006 අංක 06 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදන හා එම පනත් අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද දීර්ග ලෙස සාකච්ඡා කෙරින. ඒ අනුව අවශ්‍ය නීති සංශෝධනයට ලක්කිරීම කඩිනමින් සලකා බැලීමට තීරණය විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *