යෝජිත 20 වැනි සංශෝධනය පිළිබඳව විමර්ෂණය කිරීමට පත්කළ කමිටු වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාට

Share Button

යෝජිත 20 වැනි සංශෝධනය පිළිබඳව විමර්ෂණය කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාට භාරදෙන බව කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත්කරනු ලැබ ඇත. අමාත්‍ය මහාචාර්‍ය ජී. එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව ඊයේ රැස්වී 20 වැනි සංශෝධනයේ අඩංගු කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබේ. උදය ගම්මන්පිල මොහොමඩ් අලි සබ්‍රි. නිමල් සිරිපාල ද සිල්වා විමල් වීරවංශ සුසිල් ප්‍රේමජයන්ත එස්. වියාලේන්ද්‍රන් ඩිලාන් පෙරේරා හා ප්‍රේමනාත් සී දොලවත්ත යන මැති ඇමතිවරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *