ජාතික තරුණ සේවා සභාවෙන් ටැලන්ට් හන්ට්

Share Button

ක්‍රීඩා ඇතුඵ අනෙකුත් ක්‍ෂේත්‍රවල දක්ෂයන් හදුනාගෙන් ඔවුන් ඉදිරියට ගෙනඒමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා ඇත. ටැලන්ට් හන්ට් යනුවෙන් මෙය නම්කර තිබේ. ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වනපරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි. මලල ක්‍රිඩා සංගමයේ සහාය ද ලබාගෙන කමිටුවක් මගින් දක්ෂ ක්‍රිඩකයෝ තෝරා ගැනෙති. ඇමති නාමල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර මෙම වැඩසටහනට සුදුසුකම් ලබන අය ක්‍රිඩා සංචිත සදහා යොමු කරන බව ඔහු සදහන් කරයි. ටැලන්ට් හන්ට් වැඩසටහනට ඇතුලත්වීමේ වයස් සීමාව වයස අවුරුදු 16 ත් 25 ත් අතර වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *