ලුණුගම්වෙහෙර වැව් 47 ක් ප්‍රතිසංස්කරණයට

Share Button

ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වැව් 47 ක් ප්‍රතිසංස්කරණය කෙරේ. දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ එම වැඩසටහන ක්‍රියාත්මකයි. කලක සිට කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකිරීමෙන් මෙම වැව් බොහොමයක් රොන්මඩවලින් පිරී තිබේ. වැව්වල වේලි රැසක් සෝදාපලුවට ලක් වෙමින් පවති. එල්ලංගා වැව් පද්ධතිවලට අයත් මෙම පුරාණ වැව් කිහිපයක ජලය රැදි නොපවතින නිසා අතහැර දමා තිබේ. මෙම සියලු ඇලවේලි ප්‍රතිසංස්කරණය කරන බව දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එම්. එස්. කේ. සුවදආරච්චි මහතා ගුවන් විදුලියට පැවසීය. මෙම වැව් මගින් අස්වැද්දීමට යෝජිත කුඹුරු බිම් ප්‍රමාණය අක්කර 3400 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *