බෙලරුසියානු ජනාධිපතිවරයාට රුසියානු ජනපතිගේ පුර්ණ සහාය

Share Button

බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකසෙන්කෝ මහතාට පුර්න සහාය දෙන බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ප්‍රකාශ කරයි. රුසියාවේ සංචාරයක නිරත ලුකසෙන්කෝ මහතා සමග පැවති සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. ඉකුත් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් ලුකසෙන්කෝ මහතාට මැතිවරණය වංචා කළ බවට ජනතාවගෙන් විරෝධතා එල්ලවිය. බෙලරුසියාවේ ව්‍යාස්ථාවට ප්‍රතිසංස්කරණ ගෙනඒමෙන් පසු යලි ජනාධිපතිවරණයක් පැවැත්වීම සදහා වන ලුකසෙන්කෝ මහතාගේ යෝජනාවට සහායදෙන බවට පුටින් මහතා එහිදී ප්‍රකාශ කළේය. බෙලරුසියාවේ ආර්ථිකය නගාසිටුවීම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1යි දශම 5 ක ණය මුදලක් ලබාදීමට පුටින් මහතා එකග විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *