ත්‍රිරෝද සහ යතුරුපැදි සදහා මංතීරු නීතිය හෙට සිට

Share Button

මංතීරු නීතිය දෙවන දවසටත් අද සාර්ථකව ක්‍රියාත්මක වු බව පොලිසිය පවසයි. ප්‍රධාන මාර්ග හතරක පෙරවරු 6.00 සිට 10.00 දක්වා එම නීතිය ක්‍රියාත්මක කෙරේ. එය හෙට ද ක්‍රියාත්මක වෙයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ රාජගිරියේදී ඒ පිළිබඳව විමර්ශනය කළේය. ඔහු කියා සිටියේ ත්‍රිරෝද සහ යතුරුපැදි සදහා මංතීරු නීතිය හෙට සිට ක්‍රියාත්මක වන බවයි. අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලට සහාය වන්නැයි ඔහු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටි. ඉදිරියේදී මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *