ශිල්ප තර්ස්ඩේ අත්කම් අලෙවිපොල හෙට සහ අනිද්දා බත්තරමුල්ල දියත උයනේදී

Share Button

ශිල්ප තර්ස්ඩේ අත්කම් අලෙවිපොල හෙට සහ අනිද්දා බත්තරමුල්ල දියත උයනේදී පැවැත්වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අලෙවිපොල හෙට පෙරවරු 10.00 ට විවෘත කිරීමට නියමිතයි. ඉන් අනතුරුව සෑම බ්‍රහස්පතින්දා දිනකම ශිල්ප තර්ස්ඩේ පෙරවරු 8.30 සිට රාත්‍රි 8.30 දක්වා දියත උයනේදී පැවැත්වේ. සමාරම්භක අවස්ථාවට සමගාමිව සෞභාග්‍යයේ කිරිමුට්ටිය හදුන්වාදීම සිදු කෙරේ. ප්‍රථමවරට අන්තර් ජාලය ඔස්සේ හස්ත කර්මාන්ත ශිල්පින් ලියාපදිංචි කිරීම මෙහිදී සිදු කෙරේ. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල හා එක්වෙමින් සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන අත්කම් නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන එහිදී අලෙවි කර ගැනීමට අවස්ථාව උදාවෙයි. පාරිභෝගිකයාට සාධාරණ මිලකට මෙම නිෂ්පාදන මිලදී ගත හැකිය. වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ජාතික ශිල්ප සභාව එක්ව මෙය සංවිධාන කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *