සුර්ය කෝෂ සදහා බැටරි දේශිය වශයෙන් නිපදවීමට අවධානය

Share Button

සුර්ය කෝෂ සදහා බැටරි දේශිය වශයෙන් නිපදවීමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය යොමු වෙයි. දැනට එක්සත් රාජධානියේ ස්ථාපිත කර ඇති ස්ටොටෙරා ආයතනය මෙම බැටරි නිෂ්පාදනය කර සෙසු රටවලට බෙදා හරියි. මෙම බැටරි නිපදවීමේ නිල හිමිකාරිත්වය ශ්‍රී ලාංකිකයෙකු සතුවීම මෙහි ඇති විශේෂත්වය වෙයි. ශ්‍රී ලංකාවේ විදුලිබල ක්‍ෂේත්‍රය පුනර්ජනනිීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී ඇති බැවින් ඒ සදහා අත්‍යවශ්‍ය අංගයක් වන බැටරි නිෂ්පාදනය දේශිය වශයෙන් සිදුකිරීම රටේ ආර්ථිකයට වඩාත් ලාභදායි වෙයි. මෙම ව්‍යාපෘතිය රට තුළ ස්ථාපිත කිරීමෙන් මෙරට රැකියා වියුක්තියට ද විසදුමක් වනු ඇතැයි දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කර මෙම බැටරි නිෂ්පාදනාගාරයක් රට තුළ ස්ථාපිත කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ඔහු සදහන් කරයි. රාජ්‍ය අමාත්‍යවරයා එක්සත් රාජධානියේ ස්ටොටෙරා ආයතනය සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම අදහස් පළ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *