ග්‍රාමීය මාර්ග කිලෝමිටර් ලක්ෂයේ ඉදිකිරීම් වසර 2024 දී අවසන් කෙරේ

Share Button

ග්‍රාමීය මාර්ග කිලෝමිටර් ලක්ෂයේ ඉදිකිරීම් වසර 2024 දී අවසන් කෙරේ. සුව පහසුව ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියෙකුගේම අයිතියකි. කුඩා පාලම් වැල් පාලම් සහ ඒදඩු වෙනුවට නව පාලම් ඉදිකළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියයි. ගතවු මාස කිහිපයේදී මාර්ග කිලෝමිටර් අටදහසක වැඩ ආරම්භ කර ඇත. ඉන් කිලෝමිටර් 400 ක ඉදිකිරීම් නිමකර තිබේ. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එතුමා මේ බව කීවේය. මාර්ග ඉදිකිරීමට පස්, ගල්, වැලි අවශ්‍යතා සපුරාලීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරේ. ප්‍රධාන මහාමාර්ග දෙපස විවිධ වර්ගයේ පැල මිලියන දෙකක් රෝපණය කිරීමට ක්‍රියා කෙරේ. ඉදිකිරීම් කටයුතුවලදී උප කොන්ත්‍රාත්කරුවන්ට ඉඩ නොදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකා මත වාහන නවතා තැබීම සම්පුර්ණයෙන් නතර කරන්නැයි ජනාධිපතිතුමා අදාල අංශවලට උපදෙස් දුන්නේය. මහල් නිවාස, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුඵ ගොඩනැගිලි ඉදිකිරීමේදී රථවාහන ගාල් කිරීමට ඉඩපහසුකම් සැලසීම අනිවාර්ය වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *