20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව කරුණු සොයා බැලු කමිටුවේ වාර්තාව අද ඇමති මණ්ඩලයට

Share Button

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තම මතය ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉකුත් මැතිවරණ වලදී ලැබුනු දැවැන්ත ජනවරමට නිසි සාධාරණය ඉටුකළ යුතු යැයි එම පක්ෂය කියා සිටි. 1978 දී හදුන්වාදුන් ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් හදුන්වාදිය යුතු යැයි එම පක්ෂය අවධාරණය කරයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉවත් කළ යුතු දේ යෝජිත නව ව්‍යවස්ථාව සම්පාදනයේදී ඉවත් කළ යුතුය. අවශ්‍යම හා හදිසිම සංශෝධන 20 වන සංශෝධනයෙන් සිදුකළ යුතුය. අවශ්‍යම දේ ලෙස තම පක්ෂය සලකන්නේ ජනාධිපතිතුමාට ආරක්ෂක අමාත්‍යංශය හෝ වෙනත් අමාතයංශයක් පවරා ගැනීමට බලය තිබිම බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා සදහන් කරයි. බලය තුලනය කිරීම සහතික විය යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේදී සියලු පක්ෂවලින් සැදුම්ලත් දේශපාලන කමිටුවක් පත්කිරීම වැදගත් බව ඔහු පෙන්වා දෙයි. එම කමිටුව ක්‍රියාත්මක විය යුත්තේ දේශපාලන නායකත්වයට උපදේස් සැපයීම වෙනුවෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *