ජාතික හැගීම ,ජාතික උරුමය පිළිගන්නා ව්‍යවස්ථාවක් වෙනුවෙන් රජය පෙරමුණ ගතයුතු යැයි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පවසයි

Share Button

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය නොවන බව ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පවසයි. ඊට හේතුවී ඇත්තේ එම ව්‍යවස්ථාව විදේශ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල කොටස් ගෙන සකස් කිරීම බව ඔහු පෙන්වා දෙයි. ජනතාවගේ සැබැ ප්‍රශ්නවලට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිලිතුරු නොමැති බව ඔහු කියා සිටි.ජාතික උරුමය රැක ගැනීමට ඇතුලත් නීති ව්‍යවස්ථා සම්පාදනයේදී අවධානයට ගෙන තිබෙන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාවේ තානාපති සංසඳය මගින් සංවිධානය කරන ශ්‍රී ලංකාවට යෝග්‍ය හා අදාල නව ව්‍යවස්ථාවක් යන මාතෘකාව යටතේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනේදී ඔහු මේ බව කීවේය. විද්වත් වෘත්තියවේදින්ගේ සංවිධාන පරිශ්‍රයේ මෙය පැවැත්වුනි. දේශිය ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳව වර්තමාන ව්‍යවස්ථාවේ සදහනක් නොමැත.දේශිය ව්‍යවසායකයන් දේශිය කර්මාන්ත ආරක්ෂා කිරිීමේ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එබැවින් රටේ ජාතික හැගීම පිළිගන්නා ජාතික උරුමය පිළිගන්නා ව්‍යවස්ථාවක් සදහා රජය පෙරමුණ ගනු ඇතැයි තමා සිතන බව ඔහු කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලය දුෂණයවු බව පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ පෙන්වා දෙති
පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ සදහන් කළේ අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් රටපුරා කථිකාවක් ඇතිවී තිබෙන බවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කලේ රටේ බලය දුෂණය කිරීමකි. එබැවින් නව ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙනඒමට ක්‍රියාකළ යුතු යැයි උන්වහන්සේ පවසති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *