ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

Share Button

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 දක්වා ඉහල යයි. ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානයට මේ වනවිට ඉන්දියාව පත්ව තිබෙ. තවමත් පළමු ස්ථානයේ පසු වන්නේ ඇමරිකාවයි. ලෝකයේ සෙසු රටවලට වඩා ඉන්දියාවේ කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. එරට දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 90 දහස දක්වා ඉහල ගොස් තිබේ. මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 80 දහසකි.ආසාදිත සංඛ්‍යාව ඉහල යාමත් සමග රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා පහසුකම් ද ප්‍රමාණවත් නොවන බව වාර්තා වෙයි.කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් හමුවේ පවා ඉන්දීය රජය පනවා ඇති සීමා ඉවත් කිරිමට තීරණය කර තිබෙ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *