හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තුන්වන දිනටත් පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශන ජනාධිපති කොමිසම හමුවට

Share Button

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තුන්වන දිනටත් අද පාස්කු ඉරුදා ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේය. ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනිමට ඔහුට එහි පැමිණෙන ලෙස කොමිසම දැනුම් දී තිබිණි.හිටබු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා 6 වන දිනටත් ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය. ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි තමා කිසිසේත් පිළි නොගන්නා බව ඔහු එහිදී සදහන් කළේය. ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වුයේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිසිය , ත්‍රස්ත විමර්ශන ඒකකය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත් වු නිසා බව ඔහු පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *